‘හයේ හතරේ ඒවා ගහන්නමයි බැලුවේ..සතුට තියෙන්නේ දින්න දවසටයි’ ..ඉන්දියාවට සටනක් දුන් කුසල් තරගයෙන් පසු කියපු කතාව මෙන්න
එවැනි පරිණත අත්දැකීම් ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම වර්තමානයේ නිත්‍ය නායකයකු සහ දක්‍ෂතා හීන වුණ කණ්‌ඩායමකින් සමන්විත වීමෙන් ඉන්දියානුවන්ට ඉතිහාසයේ දැවැන්තම විස්‌සයි විස්‌ස ජයග්‍රහණය ප්‍රදානය කිරීමට පළමු තරගයේ ක්‍රීඩා රටාව හේතු විය. එම තරගය ලකුණු 93 කින් ශ්‍රී ලංකාව පරාජය විය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර දෙවන T20 තරඟයද ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම කර දෙමින් අවසන් වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරඟයේද ඉතා දැඩි පහර කෑමකට ලක්වූ අතර පහර වදිද්දී එකම වරද නැවත නැවත කරමින් පිතිකරුවා අසලටම පන්දුව පතිත කිරීමට තරම් බොළඳ වූ ශ්‍රී ලංකා පන්දු යවන බලකාය හමුවේ ඉන්දියාව ලබාගත් ලකුණු 260 ක ඉලක්කය ආරම්භයේ සිටම පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කරන ඉලක්කයක් විය.
ශ්‍රී ලංකා අරාම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රීලංකා අපේක්ෂා ඉහල නංවන ආකාරයේආරම්භයක්ලබාගනිමින් සිටියදීදික්වැල්ලගේ දැවී යාම සිදුවූ අතර දික්වැල්ලගේ දැවීයෑමෙන් අනතුරුව උපුල් තරංග (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් පෙරේරා (77) ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන ආවේය.
කුසල් සහ තරංග දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂා ඉහල නංවමින් 40000 කට ආසන්න ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ජයගෝෂා නතර කරන පිතිහරම්භයක නිරත වෙමින්පන්දු 52ක් තුල ලකුණු 109 ක සම්භන්දතාවයක් පැවැත්වූ අතර මෙහිදී කුසල්ගේ ඉනිම කැපී පෙනුන අතර හතරේ සීමාවට එතරම් දුරක් නැති මෙම ක්‍රීඩාංගනයේ කුසල් එල්ල කල හයේ පහර හතෙන් බොහොමයක් නැවතුනේ ප්‍රේක්ෂකාගාරයේ පේලි කිහිපයක් ඈතිනි.
කුසල් සහ තරංගගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් කුසල් සහ තරංග ගොඩනැගු ඉනිමේ අභිමානයට කිසිඳු දායකත්වයක් නොදීම දැවී ගිය අතර අවසන් කඩුලු 8 ලකුණු 25 කට බිඳ වැටීම ඉතා කනගාටු දායක සිද්දියක් විය තරඟයෙන් අනතුරුව ඉන්දීය මාද්‍යයක් වෙත අදහස් දක්වමින් කුසල් පවසා තිබුනේ ඉන්දීය පන්දු යැවීම ඉතා ඉහල මට්ටමක පැවති බවය.
ඇත්තටම ඉන්දියා පන්දු යවන්නෝ හොඳටම කළාවිශේෂයෙන් දඟ පන්දු යවන්නෝ දෙන්නගේ පන්දු තේරුම් ගන්න ලේසි වුනේ නෑ කොහොම වුනත් ඒ තණතිල්ල පන්දු යවන්නන්ට කිසි සහයක් දෙන තණතිල්ලක් නෙවෙයි ඉතින් අපිට මීට වඩා හොඳ දෙයක් කරන්න තිබුන කියල තමයි මටනම් හිතන්නේ.
අපි පුළුවන් තරම් හයේ හතරේ ඒවා ගහන්න තමයි බැලුවේ මොකද මේ වගේ ලකුණු ගානක් ගන්න එහෙම නැතුව බෑ ලකුණු නොලැබෙන පන්දු වැඩි වෙන්නත් බෑඒ උත්සාහයේදී තමයි අපේ කඩුලු වැටුනේ චහාල්ගේ පන්දුවකට ඔහු විසින්ම තරංග වේගවත් පහරක් එල්ලකිරීමට ගත් උත්සාහයේදී ලබාගත් උඩපන්දුවෙන් අනතුරුව පන්දුවාරය තරඟය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය බව කුසල් පවසයි කුල්දීප් ගේ පන්දුවාරයකට අපේ කඩුලු තුනක් වැටුන එතනින් තමයි අපිට ආයි ගොඩ එන්න බැරි උනේ ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය දිනාගෙන පන්දුවට පහර නොදීම ගැනද කුසල් මෙහිදී අදහස් දක්වා ඇත.
අපි ගොඩක් වෙලාවට හිතුවේ අපේ හයිය තියෙන්නේ,පිතිකරණ පැත්තේ ඒ නිසා තමයි ලකුණු හඹා යන්න තීරණය කලේ,එත් රෝහිත්රා හුල් දෙන්න හොඳටම කලා ජය පරාජය කියන්නේ ක්‍රිකට් වල හැටි හැබැයි ඉතින් පරාජයෙන් පාඩම් ඉගන ගන්න එකනම් වෙන්න ඕනෑමයිකලකට පසුව කණ්ඩායමට එකතුවී දක්ෂතා දැක්වීමට හැකි වීම ගැන කුසල් දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.
ඇත්තටම කණ්ඩායමෙන් එළියේ ඉද්දි ලොකු මහන්සියක් ගත්ත ඉක්මනට කණ්ඩායමට එන්න මට ලකුණු ගන්න ලැබුන එක ගැන සතුටුයි හැබැයි ලොකු සතුටක් තියෙන්නේ අපේ දක්ෂතා එක්ක කණ්ඩායම දිනන දවසට තමයි.

Post a Comment